අපටත් හොරෙන් අපව විකුණලා ද? නැති නම් විකිණිලා ද?

අපටත් හොරෙන් අපව විකුණලා ද? නැති නම් විකිණිලා ද?

3.7
(6)

ග්‍රන්ථ.lk ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශනය කළ ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර විසින් රචිත “විකිණී අවසන්” කෘතිය අනෙක් කෘතීන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ කෘතියකි. මෙය ලියා ඇති භාෂාව මෙන්ම වස්තු විෂයද බොහෝ වෙනස් ය. කතුවරයා පවසන පරිදි නාට්‍යයේත් චිත්‍රපටියේත් එන බ්‍රෙෂ්ට්ගේ දුරස්ථිකරණ න්‍යාය උපයෝගි කොට ගෙන රචනා කොට ඇති මෙය දේශපාලනය මාතෘකාව කොට ගෙන ඇත.

අපට හොරෙන් අප විකිණෙන රටක් ලෙස ප්‍රධානව පාඨකයන්ට දැනුම් දෙමින් ලියා ඇති මෙම කෘතියේ වූ පේළි අතර පේළීන්ගෙන් කියාපාන ගැඹුරු අර්ථය අපට සිතන්නට යමක් ඉතිරි කර ඇත. දේශපාලන පක්ෂ වලට බෙදී මරාගන්නා රටේ සාමාන්‍ය ජනතාව සැමදා රැවටෙමින්, එකම තැන හිඳිමින් බලය ඇත්තවුන් පෝෂණය කරනා අන්දම දොම්නස් සහගතය. ජනතාව තමන් විකිණෙන බව නොදැනම විකිණී අවසන් වෙයි.

“විකිණී අවසන්” කෘතිය පුරා දිවෙන කතාව වත්මන් සමාජයට බෙහෙවින් ගැලපෙන බව මගේ හැඟීමයි. දේශපාලනය, දේශය පාලනයට නොමැතිව දේශය වැනසීමට වැඩි වැඩියෙන් කාර්‍යබහුල වන යුගයක මෙම කෘතියෙන් සිදු කරන්නේ අපගේ මනස පුරා බැඳී ඇති ඒ පාට කොළ ඉරා විනාශ කරන්නට අතහිත දීමකි. මෙය කියවූ පාඨකයෙකු ලෙස මට දැනෙන පරිදි වත්මන් දේශපාලන කර්තව්‍යයන් වල කැඩපතක් බඳු වූ මෙහි එන කතාව සහ එහි ක්‍රියාවන් නිසාම පොත අර්ථවත් සහ එකදිගට කියවාගෙන යා හැකි කෘතියක් ලෙස දැනුණි.

මා කියවූ වෙනස්ම ආරයක කෘතියක් වුවද, කෘතිය සාර්ථකය. කතුවරයාට සුබ පතමි!

අවසාන වශයෙන් කෘතියේ මෙන්ම සැබෑ ලෝකයේදීත් අප සැවොම මේ වන විටද විකිණී අවසන් ය.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review