ආතර් කොනන් ඩොයිල්

ආතර් කොනන් ඩොයිල්

5
(1)

1859 මැයි මස 22 දා ආතර් ඉග්නේශියස් කොනන් ඩොයිල් ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි දී උපත ලබන අතර ඔහුගේ දෙමව්පියන් වන්නේ චාර්ල්ස් ඩොයිල් සහ මේරි ෆ්ලෝයි ය. කුඩා කල දුක් කම්කටොලු වලින් පිරි ජිවිතයක් මොහු ගත කරයි. නමුදු මොහු ගේ මව විසින් පවසන ලද අපුරු කතන්දර හේතුවෙන් මොහුගේ ජීවිතය සතුටින් ගෙවී ගොස් තිබුණි. පසුකාලීනව ධනවත් පවුලක් විසින් මොහුගේ අධ්‍යාපනික වියදම් භාර ගන්නා අතර 1877 දී තම පාරම්පරික සම්ප්‍රධායික චිත්‍ර ඇඳීමේ රැකියාව අතහැර වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා එඩින්බරෝ විශ්ව විද්‍යාලයට ඇතුල් වේ. එහිදී ඔහුට පසුකාලීනව කතුවරුන් වූ රොබට් ලුවී ස්ටීවන්සන් ජේම්ස් බැරී වැනි පුද්ගලයින්ගේ ඇසුරට පත්වන අතර මෙම අවස්තාව මොහුගේ ජිවිතයේ පෙරලියක් ඇති කල අවස්තාවක් වේ.

එම වෛද්‍ය පිඨයේ ආචාර්යවරයකු වූ මහාචාර්ය ජෝසප් බෙල්ගේ හමුව මොහුගේ ජිවිතයේ පුනර්ගමයක් ඇති කල අවස්තාවක් බව මොහු පැවසු කරුණකි. මන්ද ඔහු රෝගීන් නිරීක්ෂණයට කර ඒ මගින් නිගමනයන්ට එළඹීමේ හි ලා විශේෂ දස්කමක් පෑ වෛද්‍යවරයකු වීම හේතුවෙනි. පසුකාලීනව ෂර්ලොක් හොල්ම්ස් ගේ චරිතය නිර්මාණය කෙරුනේ මෙම වෛද්‍ය ජෝසප් බෙල්ගේ චරිතය ඇසුරු කරමිනි.

මොහුගේ පළමු කෙටි කතාව වුයේ “The Mystery of Sasassa Valley” නම් කෙටි කතාව වූ අතර මෙය වෛද්‍ය විද්‍යාලයේදී රචනා කර පසුව චැම්බර්ස් නම් එඩින්බරෝහි පල කරන ලද සඟරාවක පළවුණි.මොහු ජනප්‍රිය වුයේ ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කිරීමෙන් අනතුරුවය. “A Study in Scarlet” කෘතිය පළමු ෂර්ලොක් හොල්ම්ස් කතාව වන අතර 1886 මාර්තු මාසයේදී මෙය නිකුත් වේ. ඉන් ජනප්‍රියත්වයට පත්වන මොහු පසුව කෙටි කථා 56 කින් සහ දීර්ඝ කථා 4 කින් යුක්ත ෂර්ලොක් හොල්ම්ස් කතා මාලාවක්ම රචනා කරන අතර ඉන් මොහු ගේ කෘතීන් ලොව විවිධ භාෂාවන්ට පරිවර්තනය වීම සිදු කෙරෙන්නට පටන් ගත්හ.

මෙම කෘතීන් පෙළ නිකුත් වී සියවසකට අධික කාලයක් ගත වුවත් අදටත් රසිකයෝ ෂර්ලොක් හොල්ම්ස් චරිතයට ප්‍රියතාවයක් දක්වන අතර ලන්ඩන් නගරයට පැමිණෙන සෑම පුද්ගලයකුම පාහේ බේකර් වීදියේ අංක 221/B දරණ ස්ථානය නැරඹීමට යෑමට අමතක නොකිරීම සුවිශේෂිත්වයයි. මෙම කතා මාලාව ඇසුරින් බොහෝ රටවල නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණය වුන අතර 1930 ජූලි මස 7 වෙනිදා ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතා මෙලොවින් සමුගත්තේය.

  • ලෝහිත පරීක්ෂණය
  • බිහිසුණු නිම්නය
  • සිවුරහස් සලකුණ
  • සුනඛ ශාපය
    ලෙස ද,කෙටි කතා පනස් හයකින්ද සමන් විත වෙයි. ඒවා
  • ශර්ලොක් හෝම්ස්ගේ වික්ක්‍රමාන්විත පරීක්ෂණ
  • ශර්ලොක් හෝම්ස්ගේ අත්දැකීම්
  • ශර්ලොක් හෝම්ස් ආපසු එයි
  • ශර්ලොක් හෝම්ස්ගේ පරීක්ෂණ සටහන් පොත
  • ඔබෙන් සමුගනිමි

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review