හීන මායිම – No Spoilers

හීන මායිම – No Spoilers

0
(0)

මුලින්ම කියන්න ඕනෙ, මම මේ ලිපිය ඉදිරිපත් කරන්නේ ‘පොත කියවපු තවත් එක පාඨකයෙක් තමන්ගේ අදහස ඉදිරිපත් කිරීමක්’ විදියට නෙවේ. නැත්නම් පොත පිළුණු (spoil) කිරීමක් විදියටත් නෙවෙයි…

මම වෘත්තීයෙන් නිදහස් සෝදුපත් පරීක්ෂකවරයෙක්. මම මේ ලිපියෙන් පෙන්වන්න යන්නෙ අදාළ පොතේ සෝදුපත් පරීක්ෂකවරයා විදියට සෝදුපත් පරීක්ෂාව තුළ මම පොතෙන් දැකපු,

  1. භාෂාව හා ශිල්පීය උපක්‍රම.
  2. ප්‍රස්තුත(ය), ගුණාත්මය හා ඇතුළාන්තය.
  3. සිද්ධීන් හා මගේ අනුභූතීන්.
    පමණයි…

  1. භාෂාව හා ශිල්පීය උපක්‍රම.
    භාෂාව සරල හා සුගමයි. කෙටි වාක්‍ය රටාවට බොහෝමත්ම සමීපයි. අලුත් ලේඛකයෙක්ගෙන් දකින්න ටිකක් අමාරු මට්ටමේ භාෂා හැසිරවීමක් දකින්න ලැබෙනවා. මම කියන්න උත්සහ කරන්නෙ ලේඛනයක් විදියට භාෂාවේ උසස්ම භාවය ගැන නෙවේ, මම අදහස් කරන්නේ කියවාගෙන යනකොට පාඨකයෙක්ට නීරස නොවී, ප්‍රශස්ථ මට්ටමක ගලාගෙන යන භාෂාව ගැනයි.

ශිල්පීය උපක්‍රම කීපයක් දැක්කා මම මේ අංකුර ලේඛකයාගෙ…

  • වර්ණනාවට නැත්නම් විස්තරකරණයට වැඩි ඉඩක් වෙන් කරලා තියෙන එක.
  • කතා වස්තුව තුළ ගැමි පරිසරයට යම් සාධනීය ඉඩක් වෙන් කර තිබීම.
  • මොළයට වඩා හදවතට වැඩි ඉඩක් කතා වස්තුව තුළ සපයා දීම.
  • සිද්ධීන් ඛණ්ඩනයේදී වඩාත්ම කුතුහලය ඇති හා සිත්ඇදගන්නාසුලු තැන්වලට අවධානය දී තිබීම.
  • දෙබසින් කළ යුතු කාර්යය සාධනීය ලෙස විස්තරකරණයෙන් කර තිබීම.

2. ප්‍රස්තුත(ය), ගුණාත්මය හා ඇතුළාන්තය.

කතාවට ප්‍රස්තුත වෙනවා කාරණා කීපයක්ම, ප්‍රධානකොටම ආදරය, ආදරය විඳීම, අවබෝධය, යහපත කිරීම, හදවතේ පිරිසිදුකම, ජීවිතයක හැලහැප්පීම්, ධෛර්යවන්ත මිනිසෙකුට ස්පර්ශ කළ හැකි මානයන්, පසුතැවීමට මිනිසෙකුගේ සන්තානය තුළ කළ හැකි දේවල්, විශේෂයෙන්ම පරිසරය, හදවතේ භාෂාව, පරිසරය විඳීම, පරිසරය හා ඒකාබද්ධ වීම, පාරිසරික අංගවල විස්මිතභාවය වගේ විවිධ පරාසවල මේ කතාව දුවනවා.

ගුණාත්මය ගැන නම් කතා කරන්නම දෙයක් නෑ. හදවතට කතා කරන කතාවක්. බුද්ධිය හා ආධ්‍යාත්මය අවදි කරවන කතාවක්. කතාව තුළ වින්දනයට වගේම අනුභූතීන් තියුණු කිරීමටත් සමාන ඉඩක් ලැබිලා තියෙනවා.

  1. සිද්ධීන් හා මගේ අනුභූතීන්.

සිද්ධීන් තරමක් විශේෂයි. මොකද, අතීතය හා තත්කාලය විදියට දෙකට බෙදිලා යන මේ කතාව අතිශය සුවිශේෂී වෙන්නෙ එකම එක තැනකින්. ඒ සුවිශේෂී සන්ධිස්ථානයට එනකම්ම මේ සිද්ධීන් යම් පැටලිල්ලක් එක්ක ගලාගෙන යන්නෙ පාඨකයාව යම් තරමකින් වික්ෂිප්ත කරවමින්මයි.

නමුත් මේ කිව්ව විශේෂ සන්ධිස්ථානයේදී මුළු කතාවම අන්තිම දශමයටම ගැළපෙමින් යනවා දාම ප්‍රතික්‍රියාවක් වගේ.

මම ඔබට තරයේම අවවාද කරනවා…

මොනම හේතුවක් නිසාවත් පොතේ එකම සුළු කොටසක්වත් මඟාරින්න එපා. මොකද, එහෙම වුණොත් පොත අවසානය දක්වා කියෙව්වත් වැඩක් නැති වේවි. මොකද, අවබෝධයේ දාම ප්‍රතික්‍රියාව බිඳවැටේවි.

දාම ප්‍රතික්‍රියාවකදි ඉතාම සුළු උත්ප්‍රේරකය පවා අතිශයින්ම වැදගත් වෙනවා වගේ කතාවෙ සුළුම කොටස පව අවසන් කොටසට වැදගත් වෙනවා.

ආහ්… අර සන්ධිස්ථානය මොකක්ද දන්නවද..?

ඒක ලි…. (එපා එපා.. ඕනෙ නෑ, පස්සෙ කියයි ස්පොයිල් කළා කියල😒😒 කියවලම බලන්නලකො එහෙනම් 😉😉😉😁😁)

මම ඔබට යෝජනා කරනවා..

සෙනසුරාදාවක, නිවාඩු දවසක, කාත් කවුරුත් ගෙදර නැති වෙලාවක වගේ… හැකි නම් එක හුස්මකට පොත කියවන්න උත්සහ කරන්න. රස හානි වීම ගොඩාක් වළක්වාගන්න පුළුවන්.

—————-
හීන මායිම
කර්තෲ – තරිඳු අමිල
ප්‍රකාශනය – Grantha (Pvt) Ltd
මිල – 600.00
පිටු ගණන – 195+
කවර නිර්මාණය – ප්‍රදීප් ප්‍රේමලාල්

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review