පැරණි Fonts අල්ලන් නටන්නේ නැතුව Unicode වලට මාරු වෙන්න.

පැරණි Fonts අල්ලන් නටන්නේ නැතුව Unicode වලට මාරු වෙන්න.

4.8
(19)

කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත්ත, කාලයක් තිස්සේ වැඩ ගත්ත දෙයක් අත ඇරලා අලුත් වෙනසක් බාරගන්න මිනිස්සු ගොඩක් බයයි. මේක හැම ක්ෂේත්‍රයකටම වගේ පොදු කාරණයක්. ඒකට ප්‍රකාශන ක්‍ෂේත්‍රය කියලා වෙනසක් නෑ.

ලංකාවේ බොහෝ දෙනා පැරණි Fonts නැති නම් FM මාදිලියේ ෆොන්ට් වලින් තමයි පොත් මුද්‍රණය කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතා පැරණි වගේම වැරදි ක්‍රමයක් වුනත් Desktop Publishing සහ Graphic Design වලදී Unicode භාවිතා කරන්න බැරි මට්ටමක තමයි ඇත්තටම මෑතක් වෙන තුරු තිබුණේ.

නමුත් දැන් ඒ තත්වය වෙනස් වෙලා. දැන් InDesign ඇතුළු Adobe සියළුම මෘදුකාංග Unicode අකුරු නිවැරදිව පෙන්නුම් කරනවා. මේක මේ විදියට හදලා නිකුත් කරන්න අපේ ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් පිරිසකගේ සහයත් ලැබීලා තියෙනවා කියලත් නොකියා බැහැ. මේ ලිපියේ අරමුණ ඔබ තවමත් පැරණි අකුරු Desktop Publishing වලට භාවිතා කරනවානම් ඒ කාල නාස්තියෙන් ඔබව ගලවා ගන්නයි.

ඒත් ඇයි අපි Unicode වලට මාරුවෙන්නේ? පරණ Fonts කිසි අවුලක් නැතුව වැඩනේ? මීට කලින් InDesign වලින් පොත් සඟරා Layout කරලා තියෙනවා නම් සමහර විට ඔබට හිතෙන්න පුළුවන්. Iskoola Potha එකට නේද ඔය Unicode ගාන්නේ? ආපෝ ඒ Font එක කැතයිනේ? ඔය වගේ ප්‍රශ්නට ඔබට ඇති. ඒවාට මම පිළිවලට උත්තර දෙන්නම්, ඒත් ඊට කලින් ඇත්තටම පැරණි ෆොන්ට්ස් වල තියෙන වැරදි මොනවාද කියලා බලමු.

පැරණි Fonts වල තියෙන වැරදි.

ඇත්තටම පැරණි Fonts වලදී තියෙන්නේ සිංහල අකුරු වුනාට ඒවා සිංහල අකුරු නෙමෙයි. නෑ නෑ… මට වැරදුනේ නෑ… ඇත්තටම ඒවා සිංහල අකුරුවල පෙනුමට හදපු ඉංග්‍රිසි අකුරු. මේ පැරණි අකුරු අපිට සිංහල අකුරු වගේ පෙනුනාට පරිගණකය ඒ අකුරු තේරුම් ගන්නේ ඉංග්‍රිසි අකුරක් විදිහටයි. ඒ කිව්වේ ලතින් හෝඩියේ ඇති අකුරක් විදියටයි. වඩාත් නිවැරදිව කිව්වොත් ascii range එකේ තියෙන character එකක් විදියටයි. සමහර විට මේ තාක්ෂණික කරුණු ඔබට බරපතලයි වගේ හිතෙනවා නම් ඒක ගැන එතරම් දුරට හිතන්න ඕන නෑ. පරිගණකය හරහා සිංහල අකුරු පෙන්වන්න පොඩි ජිල්මාට් වැඩක් අපේ අය කරා කියලා සරලව හිතුවාට කමක් නෑ. ඒක ඒ කාලයේ හැටියට හරි. මොකද අපිට වෙන ක්‍රමයක් තිබුණේ නැති නිසා.

මෙහෙම ඉංග්‍රිසි අකුරක් තියෙන තැන්වලට සිංහල අකුරු දාපුවාම අපිට Desktop publishing වලදී විවිධ අපහසුතාවලට මුහුන දෙන්න වෙනවා. ඒවායින් ප්‍රධානතම කිහිපියක් මම ලැයිස්තු ගත කරන්නම්.

  1. ඡේදයක් ඇතුලත line breaks එන තැන්විදියට “ග” සහ “රැ” අකුරු තියෙන තැන් desktop publishing software එකෙන් වැරදියට තේරුම් ගන්නවා. ඉතින් මේ “ග” සහ “රැ” අකුරු තියෙන තැන් හොය හොය ඒවා සකස් කරන්න ඕන. එහෙම නැතිනම් ඒවා සකස් කරගන්න වෙනමම script එකක් ලියාගන්න වෙනවා. මේකට හේතුව නම් “ග” සහ “රැ” අකුරු පිළිවලින් ඉංග්‍රිසියේ “.” සහ “/” කියන අක්ෂර රූපක (characters) නියෝජනය කිරීමයි. ඔබ පොත් පොත් කියවන කොට වැරදිලෙස “ග” සහ “රැ” අකුරු ගාවින් වැරදි ලෙස වචන කැඩිලා තියෙනවා දැක්කොත් ඒකට හේතුව තමයි මේක.
  2. Smart Quotations, Full stops, Comma, Dumb Quotations වගේ අකුරු නිවැරදිව සකස් නොවීම. නැතිනම් ඒවා නිසා නොයෙක් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදුවීම. මේක සිදුවෙන්නේ සිංහල අකුරු වල තිත් Quotation marks පරගණකය විසින් වෙනත් ඉංග්‍රීසි අකුරුක් ලෙස වරදවා තේරුම් ගැනීම නිසා වෙන අපහසුතාවයනුයි.
  3. Find and replace වගේ විධාන භාවිතා කරීමට නොහැකි වීම. නැතිනම් අපහසු වීම.
  4. අකාරාදී පිළිවලට සකස් කරන්න බැරිවීම.
  5. මෘදුකාංගය මඟින් ලබාදෙන සමහර පහසුකම් නිසිලෙස (ex: Numbering bullets) ක්‍රියාත්මක නොවීම.

මේ වාගේ බොහෝමයක් අපහසුතා මැද ඉඳන් තමයි පොතක් Layout කරන්නේ. මේවා ට යම් යම් ගොඩ වෙදකම් කරගෙන වැඩේ කරත් ඒවා නිවැරදිම ක්‍රමය නෙමෙයි ඒ හැරත් ඒවා වෙනුවෙන් වැය කරන කාලය අනවශ්‍ය කාලය නාස්ති කිරීමක්.

Unicode Unicode කිව්වාට ඔය Iskoola Potha font එක කැතයි. ඒක පොතකට සඟරාවකට ගන්න බෑ.

මේක මට ගොඩක් අය කියනවා ඇහිල තියෙන මැසිවිල්ලක්. Unicode කියන්නේ Font එක්ක නොවන බව මුලින් සඳහන් කරන්න ඕන. නමුත් භාවිතයේ දී එසේ වචන එහා මෙහා වෙනවා. ඒක ගැටළුවක් නෑ. Iskoola Potha කියන්නේ එක Unicode font එකක් විතරයි. Microsoft මෘදුකාංග සමාගම Windows මෘදුකාංගය සමඟම Iskoola Potha කියන Font එක දාලාම එවනවා. ඉතින් වෙන Unicode font එකක් දාගත්තේ නැතිනම් Iskoola Potha font එක විතරයි ගොඩක් පරිගණක වල Unicode font එකකට කියලා තියෙන්නේ. ඉතින් මේ හේතුව නිසාම ගොඩක් අය වැරදියට හිතාගෙන ඉන්නවා Unicode කිය්නනෙ Iskoola Potha font එකටම කියන තවත් නමක් කියලා. ඒක සම්පූර්ණ වැරදි අවබෝධයක්.

ඔය මොන Fonts තිබුණත් Abhaya එක තරම් ගතියක් නෑ…

මේක ඊලඟ තර්කය. ඒ තර්කය නිවැරදි වෙන්න තිබුණා Abhaya Font එක Unicode වලින් නොතිබ්බා නම්. ඒත් Abhaya Font එක වඩාත් දියුණු කරලා Libre Abhaya නමින් Unicode font එකක් විදියට ඇවිල්ලා දැන් වසර කිහිපියක්ම වෙනවා. ඒ වගේම ඔබට මේ Font එක Regular, Medium, Semi-bold, Bold, Extra-bold ආදී style ගණනාවකටම ලබාගන්න පුළුවන්. මේ Font එක සකස් කරේ අර මම කලින් කී මෘදුකාංග ඉංජිනේරුවන් (පැතුම් එගොඩවත්ත ඇතුළු) පිරිස සහ FM font series එක (Abhaya, Malithi, Bindumathi ආදී fonts) නිර්මාණය කරපු පුෂ්පානන්ද ඒකානායක මහත්මයා එකතු වෙලා. ඒ අයට අපි ස්තූති වෙන්න ඕනෑ සිංහල අකුරු පරිගණකයට ගේන්න මේ කරපු සේවයට.

Regular, Medium, Semi-bold, Bold, Extra-bold ආදී style ගණනාවකටම ලබා ගන්න පුළුවන්.
ගැමුණු Font එකත් Unicode වලට ඇවිත් තියෙනවා.

මම හිතනවා මේ වෙනකෙට ඔබට Unicode වලට මාරු නොවීමට තරම් හොඳ හේතුවක් ඉතිරිව නැතිව ඇති කියලා. ඒක නිසා අපි බලමු කොහොමද Unicode එක්ක InDesign වලින් වැඩ කරන්නේ කියලා.

InDesign වලදී සිංහල අකුරු ක්‍රියාත්මක කරන්නේ කොහාම ද?

ඔබට Abhaya Libre font series එකම පහත යොමුවෙන් බාගත කරන්න පුළුවන්. එසේම මේක Open Font License එක යටතේ නිකුත් කරල තියෙන නිසා නොමිලේම ඔබගේ වානිජමය පොතතකට වුවද භාවිතා කරන්න අවසරය ලැබෙනවා.

https://fonts.google.com/specimen/Abhaya+Libre#about

මීට අමතර ගැමුණු Font එක මෙතනින් ලබා ගන්න පුළුවන්.

https://github.com/mooniak/gemunu-libre-font/tree/gh-pages/tests/fonts

ඉතින් මේ Font එක Download කරලා ඉවර වුනාට පස්සේ ඔබට අලුත්ම InDesign මෘදුකාංගය (2020) ඕන වෙනවා.

Paragraph Styles > Justification > Composer: Adobe World Ready Paragraph Composer

පහත Gif animation එකේ ඔබට බලාගන්න පුළුවන් නිවැරදි විදියට සිංහල අකුරු ඇතුලත් කරගන්න ආකාරය.


කතුවරුන් වෙනුවෙන් පොඩි සටහනක්.

අවසාන වශයෙන් ඔබට කීමට දෙයක් ඇත. ඔබපොතක් ටයිප් කරන්න හදන කතුවරයෙක් නම් ඔබගේ Type කරපු document එකක්ඔ බ ප්‍රකාශන සමාගමකට දෙන්න හිතන් ඉන්නවානම්, මුලින්ම ඔබගේ ප්‍රකාශන සමාගමේන් විමසා සිටින්න Unicode වලින් අත් පිටපත බාර දුන්නාට ගැටලුවක් නැති ද කියලා. ඔබ සේවාව ලබා ගන්නා ප්‍රකාශන සමාගම මොනම හෝ හේතුවක් නිසා මේ නව තාක්ෂණය භාවිතා නොකරනවා වීමට ද ඉඩ ඇත. නො එසේ නම් ඔවුන්ට මේ තාක්ෂණය ගැන දැනුම් දී එසේ කර ගත හැකි දැයි විමසා සිටීම නුවනට හුරුය.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Publishing Tutorial