විරාම ලකුණු | Punctuation Marks

විරාම ලකුණු | Punctuation Marks

4.2
(23)

සානුකම්පාවක් නැති රජෙක් ලෙස ප්‍රසිද්ධ තුන්වන ඇලෙක්සැන්ඩර් රජු රාජ ද්‍රෝහියෙක් ලෙස දඬුවමට ලක්ව පිටුවහල් කිරීමට තිබු අයෙකුට සමාව දෙන්න කියා කරපු ඉල්ලීමට ඔහු දක්වා තිබුණේ මෙවන් ප්‍රතිචාරයක්.

Pardon impossible, to be sent to Siberia.

මෙහි සරල අර්ථය, “සයිබීරියාවට යවන්න, සමාව දිය නොහැකියි.” යන්නයි. නමුත් මේ දඬුවමෙන් තම ස්වාමි පුරෂයා මුදවා ගන්න මේරි නම් කාන්තාව කොමාව තිබුණින් මකලා වෙනත් තැනකට දානවා. ඒ පහත ආකාරයට.

Pardon, impossible to be sent to Siberia.

මෙහි සරල අර්ථය. “සමාව ලැබෙනවා, සයිබීයරියාවට යැවීම සිදු කළ නොහැකියි.” යන්නයි.

විරාම ලකුණක් නිවැරදිව යෙදිවේ නැතිනම් මිනිස් ජීවිතයක් ඇති කරන්නත් නැති කරන්නත් පුළුවන්. ඒක නිසා නණලළ වගේම සමහර විට ඊටත් වඩා, නිවැරදි ලෙස විරාම ලකුණු යෙදීම වැදගත්.

ලංකාවේ බොහෝ දෙනා නිතර කරන වැරදි කිහිපයක් ගැන කියන්නට අවසර.

වචනයට පසුව හිස්තැනක් තියලා විරාම ලකුණ නැති නම් “නැවතීමේ තිත” (“.”) , කොමාව (“,”), දෙතිත (“:”) තියන්න එපා.

❌ අම්මා .
✅ අම්මා.

❌ වාසගම :
✅ වාසගම:

❌ ගැහැනු , පිරිමි , මල්.
✅ ගැහැනු, පිරිමි, මල්.

වාක්‍ය කණ්ඩය දෙපස පෙරළි කොමා යෙදීමේ දී “හිස්තැන්” තියන්න එපා.


❌ “ අද මට ගෙදර යන්න බැරි වුණා නේ. ”
✅ “අද මට ගෙදර යන්න බැරි වුණා නේ.”

වරහන් ආදියටත් මේක මේ විදියට ම බලපානවා.
❌ පච්චසිරා ( ඇත්ත නම සිරිපාල ) කෑගහගෙන එතනට ආවා.
✅ පච්චසිරා (ඇත්ත නම සිරිපාල) කෑගහගෙන එතනට ආවා.

ඉංග්‍රිසි කෙටි යෙදුම්වලදී නැවතීමේ තිත යොදනවා නම් හැම අකුරටම පසුව යොදන්න. නැතිනම් නොදාම ඉන්න.

❌ U.S.A
✅ U.S.A.
✅ USA
කෙසේ නමුත් බොහෝ දෙනා දැන් කෙටියෙදුම් භාවිතයේ දී තිත් තැබීම සිදු කරන්නෙ නෑ. ඒක නිසා USA ලෙස ලිවීම වඩාත් යෝග්‍ය වේ.

හැම තැනම විශ්මයාර්ථය (“!”) සහ ලෝපය (“…”) දාන්න එපා!

මිනිස්සු නිතර පුදුම වෙනවා තමයි. ඒත් ලිවීමේ දී අනවශ්‍ය ලෙස විශ්මයාර්ථය (“!”) හො ලෝපය (“…”) යොදාගැනීම කියවන්නා වෙහෙසට පත් කරවන බව සිහියේ තමබා ගන්න. එසේම එය ඔබගේ ලිපියේ ඇති කරුණු ගැන පාඨකයාගේ විශ්වාසනීය භාවය අඩුවීමට ද හේතුවේ.

පෙරළි කොමා සහ තනි කොමා නිවැරදිව දාන්න.

බොහෝ දෙනා අතර වැරදි මතයක් තියෙනවා වචනය කුඩායි නම් තනි කොමාව ඇතුළේ යොදන්න ඕන කියලා. නෑ, එහෙම සීමාවක් නෑ. තනි කොමාව යොදාගත යුත්තේ පෙරළි කොමා ඇතුළේ තවත් උපුටා ගැනීමක් යොදාගන්න අවස්ථාවක් ආවාමයි. ඒ හැර අන් සෑම තැනකදීම පෙරළි කොමා (Double Quotes) භාවිතා කරන්න.

❌ මැක්සිම් ගෝර්කි ගේ ‘අම්මා’ කෘතියට මම ඉතාමත් කැමතියි.
✅ මැක්සිම් ගෝර්කි ගේ “අම්මා” කෘතියට මම ඉතාමත් කැමතියි.
✅ වේදිකාවට නැගපු දේශපාලකයා “ඔබ තුමන්ලාට මම කියන්න කැමතියි. එදා අපි පොරොන්දුවක් දුන්නා. ‘මේ දේශය රැක ගන්නවා’ කියලා. අපි ඒ පොරොන්දුව අමතක කරලා නෑ. අප කෙරේ තැබූ විශ්වාසය අපි ඒවිදියටම අපි රකිනවා.” යැයි ප්‍රකාශ කරද්දී මිනිසුන් උස් හඬින් ඔල්වරසන් දුන්නෝය.

ලෝපය (ellipsis) සෑම විටම තිත් තුනයි.

2ත් නෙමෙයි, 4ත් නෙමෙයි, 5ත් නෙමෙයි. 3යි. බොහෝ විට මේක යොදාගන්නේ යමක් ඉවත් කර ඇති බව හැඟවීමට. වාක්‍යක් ඇදලා කියන බව හැඟවීමටද යොදාගන්නවා. ඒ වගේ අවස්ථාවක දී ඔබට තිත් 3ට වඩා වැඩි ගණනක් යොදන්න පුළුවන්. නමුත් ඒක ඔබ ලියන ලිපිය පුරා එකම අගයක තියාගන්න. තිත් 4යි නම්, සෑම විටම තිත් හතරයි. හැබැයි ඔබ ලෝපය යොදන්නේ යමක් ඉවත් කර ඇති බවට හැඟවීමට නම් ඒක තිත් 3යි. නැවතත් කියනවා තිත් 3යි.

❌ එක පාරක් කිව්වානේ, මම එන්නේ නෑ……
✅ එක පාරක් කිව්වානේ, මම එන්නේ නෑ…

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Publishing