නිදන විල | කේෂාන් හරේෂු

නිදන විල | කේෂාන් හරේෂු

4.4
(7)

ඇමෙරිකාවේ නිව්හැම්ප්ෂයර් හි පිහිටා ඇතු කුඩා ගම්මානයකි. එම ගම්මානයේ නම “නිදන විල”යි. මෙම ගම්මානය පිළිබඳ පැහැදිලි විස්තරයක් හෝ වාර්තාවක් කොතනක හෝ නොමැති අතර ඊට හේතුව වන්නේ නිදන විලෙහි වූ අමුතුම චාරිත්‍රයක් හේතුකොට ගෙනයි. නිදන විල ගම්මානයෙහි විසූ මිනිසුන් ගණන එකසිය විසිහතාමාරකි. සැබැවින්ම මිනිසුන් එකසිය විසි හතක් සහ තවත් භාගයකි. එය අමුතුය. ඔව් සැබැවින්ම අමුතුය. නමුත් ඒ මිනිස් භාගය නිසාවෙන්ම නිදන විල වෙනස් විය.

කෙසේවෙතත් අවසානයේ නිදන විල ගම්මානය මනුෂ්‍ය වාසයකින් තොර විය. එක්වරම මිනිසුන් සියල්ල අතුරුදන් වී ගියා සේ ය.

ජේම්ස් පොත් රචකයෙකි. තම කුඩා නැගණිය කුඩා කලදීම අහිමි කරගත් සොහොයුරෙකි. නැගණියගේ වියෝව දරාගත නොහැකිව ඔහුගේ මවද අකාලයේ මරු තුරුලේ සැඟවුණි. ඔහුට ඉතිරි වූයේ පියා පමණි. තම පියාද මෙලොවින් සමුගත් පසු ඔහු මානසිකව කඩා වැටුණි. මනෝ උපදේශනයට පවා යොමුවූ ඔහු අවුරුදු 29ක් වයසැති තනිකඩයෙකි.

ජේම්ස් රචනා කරන්නට යෙදුණු අලුත් කෘතියට කතාවක් සොයාගැනීමේ අදහසින් ඔහු තම පියාට අයත්ව තිබූ පැරණි නිවසෙක දින කිහිපයක් ගත කිරීමට යයි. එම නිවස පිහිටා තිබුනේ “නිදන විල” ගම්මානයේය. නිදන විල ගම්මානය දැනට මනුෂ්‍ය වාසයෙන් තොරය. එයට හරි හැටි හේතුවක් නොදන්නා නමුත්, එම ගම්මානයට යන ඔහුට සිතෙන්නේ එම වැසියන් එක්වරම අතුරුදන් වූ සේ ය. එම නිවෙස් පාලුවට ගොස්‍ ය. මනුෂ්‍ය වාසයකින් තොර වූ ඒ කුඩා ගම්මානයේ ජේම්ස් දින කිහිපයක් ගත කිරීමට යයි.

මනුෂ්‍ය වාසයකින් තොර යැයි කියන නිදන විල ගම්මානයට පා තබා ටික වේලාවකින් ජේම්ස්ට මුණ ගැසෙන්නේ කුඩා දැරියකි. කාත් කවුරුත් නැති ගම්මානයක කුඩා දැරියක් පමණක් සිටින්නේ කෙසේද?

සැබැවින්ම;

  • නිදන විල ගම්මානයේ ගම්වැසියන් කොහේ අතුරුදන් වූයේද?
  • නිදන විල ගම්මානයේ සැඟවුණු රහස කුමක්ද?
  • මනුෂ්‍ය වාසයකින් තොර වූ ගමට ගිය ජේම්ස්ට කුමක් සිදු වේද?

මේ සියල්ල දැනගැනීමට නම් ඔබ නිදන විල කෘතිය කියවිය යුතුමය. එය කේෂාන් හරේෂු නම් නවක කතුවරයාගේ කුළුඳුල් නිර්මාණ කෘතියයි. නමුත් කුතුහලය සහ අද්භූත රසයෙන් අඩුවක් නොවූ මෙම කෘතියෙන් කතුවරයාගේ නිර්මාණශීලිත්වයට ඇති දක්ෂතාවය මැනවින් පෙන්නුම් කරයි. ග්‍රන්ථ.lk ආයතනය විසින් ප්‍රකාශයට පත් කොට ඇති නිදන විල කෘතිය පාඨකයන්ට අද්භූත අත්දැකීමක් ලබා දෙනු නිසැකය.

වට්ටම් සහිතව මිලදී ගැනීම සඳහා පිවිසෙන්න – https://grantha.lk/nidana-wila-keshan-hareshu-grantha.html

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review