ජන සංහාරයේ දිනපොත | ප්‍රදීප්කුමාර බාලසූරිය Holocaust Diaries | Nonna Bannister

ජන සංහාරයේ දිනපොත | ප්‍රදීප්කුමාර බාලසූරිය Holocaust Diaries | Nonna Bannister

5
(1)

දෙවන ලෝක යුද්ධය හේතුවෙන් තම මුලු පවුලම අහිමි කරගත් නමුත් අවසානයේ දිවි ගලවා ගත් දැරියකගේ දිනපොතේ සටහන්!

මෙලොව වසනා කිසිවෙකුට තම මව, පියා, සොහොයුරා ඇතුලු පවුලේ සැම මරා දමා විනාශ කළ පිරිසකට සමාව දිය හැකිද? නමුත් නොනා බැනිස්ටර් සමාව දී තිබිණි. ඒ ඇගේ පියා ඇයට සමාව දීමේ වැදගත්කම කියා දී තිබූ බැවිනි. මෙය තවත් එක් දෙවන ලෝක යුද්ධය පිළිබඳ කතාවක්ම නොවන්නේ එබැවිනි. පවුලක තිබූ සතුට සහ යුද්ධයක වූ බියකරුබවත්, පරම්පරා ගණනාවක අවසානය සනිටුහන් වූ ඇයුරු දැකබලා ගැනීමට හැකි කැඩපතක් මෙන් නිසාත් මෙම කෘතිය වැදගත් වේ.

“ජන සංහාරයේ දිනපොත” නමින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් ප්‍රකාශයට පත් කළ මෙහි පරිවර්තනය සිදු කළේ ප්‍රදීප්කුමාර බාලසූරිය මහතායි. මෙහි මුල් පොත “Holocaust Diaries ” නම් වන අතර එය නොනා බැනිස්ටර් නම් දැරියගේ සැබෑ කතාවයි.

නොනා බැනිස්ටර් 1927 වර්ෂයේ සැප්තැම්බර් මස 22 වෙනිදා රුසියාවේ උපත ලැබුවේය. ඇයගේ පියා යෙව්ජිනි නම් වන අතර මව ඇනා නම් වේ. ඇයට එක් වැඩිමහල් සහෝදරයෙකු සිටි අතර ඔහුගේ නම ඇනටොලී නම් විය. ඇයගේ පියාගේ පාර්ශවයේ නෑදෑයින් දැක නොමැති ඇය වාසනාව ලැබූයේ මව් පාර්ශවයේ නෑදෑ පරපුර දැක බලාගැනීමට පමණි. එම නෑදෑයින් අතරින් ඇයගේ මිත්තණිය පිළිබඳ මතකය ඈ තුළ ප්‍රබලව පැවතිණි. ඇයගේ මිත්තණියගේ නම ෆියෝදෝසිජා නම් විය.

ධනවත් පවුලක උපත ලැබූ නොනාට තම මුලු පවුලම අහිමි වූයේ දෙවන ලෝක යුද්ධය නිසාවෙනි. මිනිසුන් වෙසින් සිටි යක්ෂයින්ගේ ක්‍රියා කළාපය හේතුවෙනි. ඇයට කුඩා කල පටන් භාෂා කිහිපයකට දක්ෂව සිටියාය. ඒ ඇගේ පියාගේ උනන්දුව සහ උත්සාහය නිසාවෙනි. ඇගේ එම දක්ෂතාවය නිසාම ඇය දෙවන ලෝක යුද සමයේ සිරකරුවෙකු ලෙස දිවි ගෙවූ කාලයේත් කිසිවෙකුට හසු නොවන ආකාරයෙන් භාෂා පහකින් තමන්ගේ දිනසටහන් ලියා තැබුවාය.

නොනාගේ ළමාවියේ පටන් දෙවන ලෝක යුද්ධය නිමාවන තුරු ඈ ලියූ මෙම දින සටහන් පසුව ඇය 80 දශකයේදී මෙයට තවත් මතක සටහන් සහ අත්දැකීම් සමඟ නීතිමය ලියකියවිලි සඳහා භාවිතා කරන කහ පැහැති කඩදාසි වල සටහන් කළාය. ඒ භාෂා පහකින් ලියවී තිබූ සියලුම සටහන් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමෙනි.

දෙවන ලෝක යුද්ධය නිමාවීමෙන් පසු ජීවිතය රැකගෙන සිටි අතළොස්ස අතරට නොනා ද එක්වී තිබිණි. ඇය දෙවන ලෝක යුද්ධය නිම වී නිදහස ලැබීමෙන් පසු ඇමෙරිකාව බලා ගමන් ගත්තේය. ඒ ඇගේ නව ජීවිතය ආරම්භ කිරීමටය. එහිදී ඇයට හමුවූ හෙන්රි බැනිස්ටර් සමඟ විවාහ වූ ඇය ඇගේ අතීතය ඔහුටද නොපවසා රහසක් ලෙස රැක ගත්තේය. අවසානයේ එය ඔහුට ඇය හෙළි කළේ තම ජීවිතය අවසාන කාලයේදීය. ඇගේ මේ සටහන් ප්‍රසිද්ධ කෙරුණේ ඇය මියගියාටත් පසුවය.

මෙම කෘතිය තුළ ඇත්තේ දෙවන ලෝක යුද සමයේ සිදුවූ සිදුවීම් කිහිපයකි. දෙවන ලෝක යුද්ධය ගැන ලියවුණු අනෙකුත් පොත් වල ඇති කරුණු වැනිම කරුණු වලින් සමන්විත වූ මෙම පොතෙහි විශේෂයක් වේ නම් එය විශේෂ වන්නේ එකම කාරණාවක් නිසාවෙනි. ඒ නොනා බැනිස්ටර් තම මුලු පවුලම විනාශයට පත් කළ, ඒ කෲර ක්‍රියාකාරකම් සිදු කළ, දෙවන ලෝක යුද්ධයට මුල් වූ, දායක වූ සැමටම සමාව දීමයි. ඇයගේ සිතුවිලි තුළ ඔවුන් පිළිබඳ වෛරයක්, තරහක් නොතිබීම විශේෂත්වයක්. ඇය ඒ සියල්ලන්ටම සමාව දී ඇත.

මෙලොව වසනා කිසිවෙකුට තම මව, පියා, සොහොයුරා ඇතුලු පවුලේ සැම මරා දමා විනාශ කළ පිරිසකට සමාව දිය හැකිද? නමුත් නොනා බැනිස්ටර් සමාව දී තිබිණි. ඒ ඇගේ පියා ඇයට සමාව දීමේ වැදගත්කම කියා දී තිබූ බැවිනි. මෙය තවත් එක් දෙවන ලෝක යුද්ධය පිළිබඳ කතාවක්ම නොවන්නේ එබැවිනි. පවුලක තිබූ සතුට සහ යුද්ධයක වූ බියකරුබවත්, පරම්පරා ගණනාවක අවසානය සනිටුහන් වූ ඇයුරු දැකබලා ගැනීමට හැකි කැඩපතක් මෙන් නිසාත් මෙම කෘතිය වැදගත් වේ.

නොනා බැනිස්ටර් කුඩා කළ පටන් නොසැලී දෙවියන්වහන්සේ විශ්වාස කළ අයෙකු විය. උන්වහන්සේ ගේ පිහිට තමාට ලැබෙන බව විශ්වාස කළ අයෙකු විය. ඒ සැමටත් වඩා ප්‍රේමයේ සහ සමාව දීමේ වැදගත්කම හොඳින් දැන හැඳිනගෙන සිටි අයෙකු විය.

පාඨකයෙකු හඬවන්නට සමත් මෙම කෘතියේ වූ හැඩ අකුරු ඔබට ජීවිතයක ඇති වටිනාකම මෙන්ම පවුලක ඇති වටිනාකමද මැනවින් කියාදෙයි. එලෙසම කිසිදින අතීතයේ කෲරතම සිදුවීම් යළි ඇති නොවීමට වගබලා ගැනීමේ ආරක්ෂකයෙකු බවට ඔබව පත් කරයි.

දහසකුත් සිතුවිලි අතර සිත අතරමං කිරීමට සමත් මෙම කෘතියේ තම අත්දැකීම් සටහන් තැබූ නොනා බැනිස්ටර් 2004 වර්ෂයේ අගෝස්තු 15 වන දින මෙලොවින් සමුගත්තාය. ඇයගේ අවසන් වදන් වූයේ
“එපමණක්ද? එපමණක්ද? එපමණක්ද?” යන්නයි. ඇගේ දරුවන් පවසන ආකාරයට මිය යන්නට ප්‍රථම දින කිහිපයක් ඇය ඒ බිහිසුණු අවධියට මනසින් ගොස් ඇත. ඒ දුම්රියෙන් ගිය භයානක ගමන, තම පියාගේ මරණය, තම මවගේ වෙන්වීම, ඒ වදකාගාර සහ බිහිසුණු කෲර සිදුවීම්… ඒ මතකයන් අවසානයේ ඇය ඇගේ අවසන් වචන තුන පවසා මෙලොව හැරගොස් ඇත.

ඇගේ අවසන් වචන ලෙසින්ම මමද තවද යුද වදිමින්, මිනිසුන් අසරණ කරමින් බලයට පොරකන මිනිසුන් සිටින ලොව හමුවේ අසන්නේ එයයි.
එපමණක්ද?

නොනා බැනිස්ටර් තම මව, පියා හා සොහොයුරා සමඟ
නොනා, හෙන්රි බැනිස්ටර් සමඟ විවාහ වූ දින
නොනා තම පවුලේ අය සමඟ
නොනා අසනීපව සිටි කාලයේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවක්
නොනා


මෙම පොත ඔබට මේ යොමුව හරහා වට්ටම් සහිතව නිවසටම ගෙන්ගවා ගත හැක: https://grantha.lk/jana-sanharaye-dina-potha-bannister-pradeep-kumara-wijesooriya.html

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review