වැස්ස | ඉසුරු හිදැල්ලආරච්චි

වැස්ස | ඉසුරු හිදැල්ලආරච්චි

4
(4)

ආදරය කියන්නේ වැස්සක්ද?
මුලු හිතම තෙතබරිත කරන්න පුලුවන් වෙන විදිහේ වැස්සක්ද?
නැත්තන් මුලු හිතම සොඳුරු සුවයක ගිල්ලන්න පුලුවන් පොද වැස්සක්ද?

ආදරයට අර්ථකථන බොහෝමයි. ඒකට හේතුව මං හිතන්නේ ආදරය කියන්නේ මිනිසාට මෙන්ම පණ ඇති ජීවීන් බොහෝමයකට නැතුවම බැරි දෙයක් වීමයි. බලු පැටවෙකු පවා ආදරය බලාපොරොත්තු වෙනවා. ආදරයට කැමැත්තක් දක්වනවා. ඉතින් මේ කතා කරන්න යන්නේ ආදරය විෂයය කරගෙන ලියපු ඉසුරු හිදැල්ලආරච්චිගේ වැස්ස පොත ගැන…

වැස්ස නොකියවූ අයෙක් ඉන්නවා නම් ඒ කලාතුරකින් වෙන්න ඕන. මොකද ඉසුරුගේ වැස්ස ප්‍රකාශනයට පත් වෙද්දිම ලොකු වැස්සක් පටන් ගත්තා මාස ගාණක් යනකල් නතර නොවෙන! ඇත්තටම මං මේ පොත කියවන්න අතට ගත්තාට පස්සෙත් පොඩි වැස්සක් පටන් ගත්තා. ඒ සමහරවිට මේ පොතේ ප්‍රධාන චරිතය “මිතිල”ව මට තේරුම් ගන්න ලේසි වෙන්න ඇති.

මේ “වැස්ස” පාඨකයන්ට ආදරය ගැන විතරක් ලියවුණු පොතක් නෙවෙයි. මේ පොතින් තවත් යමක් ගැන අප දැනුවත් කරනවා. ඒ තමයි Lucid Dreams එහෙමත් නැත්තන් අවදි සිහින! පොත කියවන අයට රසවත් ආදර කතාවක් එක්කම යම්කිසි දැනුමක් ලබා ගන්නත් පුලුවන් අවදි සිහින ගැන!

මිතිල සහ සදීශා කියන්නේ මේ පොත තුළ ජීවත්වන ප්‍රධාන චරිත දෙක. ඒ චරිත වටා බැඳුණු සිද්ධි දාමයක් සහ අවසානයේ පාඨකයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ නිමාවක් අප හමුවට අරගෙන එන මේ පොත ඇත්තෙන්ම වැස්සක් වගේ තමයි. මිතිල කියන්නේ ප්‍රාදේශීය සහකාර ලේකම් කෙනෙක්. කඩවසම් තරුණයෙක්… සදීශා කියන්නේ ලස්සන ඇස් දෙකක් හිමි, රූමත් තරුණියක්, පාසලක ගුරුවරියක්… ඒ දෙන්නාගේ ආදරය ගැන කතාව තමයි වැස්ස!

ආදරය කියන්නේ මනුෂ්‍ය ජීවිතේක වැඩි වැදගත්කමක් තියෙන, ඉතා ලොකු ඉඩ පරාසයක් ගන්නා හැඟීම් සමුදායක්.. ඉතින් එහෙම ආදරය කෙනෙකුට අහිමිවීම කොහොම දරාගනියිද? ඒ හැමදේම මේ පුංචි පොත ඇතුලේ තියෙනවා.

කියවලා නැති හැමෝම මේ පොත කියවන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවදි සිහින ගැනත් දැනගන්න. ආදරය ඇත්තටම වැස්සක්ද කියලත් කල්පනා කරලා බලන්න. සාර්ථක නිර්මාණයක් වන මේ පොත ආයේ වැස්සක් වහින ගාණේ මතකෙට නැගෙන බව නම් ස්ථීරයි! ඔව්, නුවර පරිසරයත් එක්කම මතකෙට නැගෙන බව ස්ථීරයි!

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review