අලුත විවාහ වෙන්න ඉන්න ජෝඩුවකට දෙන්න හොඳ පොත් 7ක්

අලුත විවාහ වෙන්න ඉන්න ජෝඩුවකට දෙන්න හොඳ පොත් 7ක්

5
(6)

ළඟදි කසාද බඳින්න ද ඉන්නෙ? නැත්තන් ඔයාගේ හොඳම යාළුවෙක් ළඟදි විවාහ වෙනවා ද? ඒ අයට දෙන්න හොඳම තෑග්ගක් සිතමින්ද ඉන්නේ? මේ පොත් ටික ඒ හැමෝටම වැදගත් වෙයි.

1️⃣ දෙලොවකින් අවුත්

මේ නමින් පරිවර්තනය වෙන්නෙ Men are from Mars, Women are from Venus කියන ඉංග්‍රීසි ග්‍රන්ථයයි. ඇමරිකානු මානව සම්බන්ධතා උපදේශක වරයෙක් වන ජෝන් ග්‍රේ විසින් රචනා කරපු මේ පොත, මේක ලෝකය පුරා පිටපත් million 15ට වඩා අලෙවි වෙලා තියෙනවා. කවම දාවත්ම විවාහ වෙන්නේ නෑ කියලා හිතන් ඉන්න කෙනෙක්ට වුනත් කියවන්න වටින පොතක්. ජෝන් ග්‍රේ ගේ වෘතීය අත්දැකීම් මේ පොත ඇතුලේ බොහෝම අපූරුවට ඉදිරිපත් කරලා තියෙනවා.

ඇලන් පීස් (Allan Pease) සහ බාබ්රා පීස් (Barbara Pease) කියන්නේ ඕස්ට්‍රේලියානු විවාහක යුවලක්. ඇලන් පීස් මානව අංගලක්ෂණ විද්‍යාව ගැන විශේෂඥ දැනුමක් තියෙනවා. මෙ දෙදෙනා එකතු වෙලා පොත් 18ක් පමණ ලියලා තියෙනවා. ඒවායිනුත් වැඩි හරියක් විවාහක ජීවතියක් ගත කිරීමට සම්බන්ධ ඒවා. ඒවායින් පොත් සිංහලට පරිවර්තනය වෙලා තියෙන පොත් තමයි පහළ තියෙන්නේ. මේ හැම පොතක්ම එක වගේ ජනප්‍රිය පොත්.

2️⃣ පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?
3️⃣ ගැහැණුන්ගේ ආදරය සහ පිරිමින්ගේ ආදරය
4️⃣ ඉරියව් පවසන තොරතුරු
5️⃣ ආදරයේ අත්පොත
6️⃣ ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
7️⃣ ගැහැනුන් ට වඩා පිරිමින් වෙනස්

Bonus:

මේ පොත් දෙක විවාහ වෙන්න හිතන් ඉන්න කෙනෙක්ට, තෑග්ගක් දෙන්නනම් එතරම් සුදුසුයි ද කියලා ඔබටම ටිකක් සිතලා බලන්න වෙනවා. මහාචාර්‍ය සරත් විජේසූරිය මහතා පොත් දෙක්ක ලියනවා සිතක වෙහෙස නමින්. මේ එක පොතක ස්වාමි පුරුෂයන්ගේ ගේ ක්‍රියාකලාපයන් නිසා දුක් විඳිනා භාර්‍යාවනුත්, භාර්‍යාවන්ගේ ක්‍රියාකලාප නිසා දුක් විඳිනා ස්වාමි පුරුෂයන් ගැනත් සත්‍ය සිදුවීම් එකතු කරලා ලියලා තියෙනවා.
📗 සිතක වෙහෙස – භාර්යාවන්ගේ පැමිණිළි
📘 සිතක වෙහෙස – ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි
විවාහ වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් මේක කියවලා කම්පාවක් ඇති කරගත යුතු නෑ. නමුත් යතාර්තයට මුහුණ දෙන්න අපිට සමාජයේ සියළුම පැතිකඩයන් ගැන අවධානය යොමුකරන්න වෙනවා කියලා මම කිව්වොත් ඔබ මාත් එක්ක එකඟ නොවෙන එකක් නෑ.

මේ හැම පොතක්ම Grantha.lk එකෙන් වට්ටම් සහිතව මිලදී ග්නන පුළුවන්. මිලදී ගන්න යන වෙලාවේ දී out of stock වෙලා තිබුණොත්, “Notify me when this product is in stock” ලිංක් එකට ගිහින් subscribe වෙන්න. එතකොට පොත stock එකට ආවාම ඔයාට email එකක් එනවා.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Featured