අඳුරු සක්මන | ධවල සක්විති තිරාණගම

අඳුරු සක්මන | ධවල සක්විති තිරාණගම

5
(2)

ධවල සක්විති තිරාණගම මහතාගේ කෘතියක් ලෙස මා කියවූ මුල්ම කෘතිය “අඳුරු සක්මන” යි. එකිනෙකට වෙනස් අද්භූත රසයෙන් යුත් කෙටි කතා කිහිපයක එකතුවෙන් නිමවූ “අඳුරු සක්මන” සැබැවින්ම එකදිගට කියවාගෙන යා හැකි මෙන්ම සමහර අවස්ථා වල පාඨකයන් සංවේදී කළ හැකි ඉතා රසවත් කෘතියකි.

මුහුණු පොතෙහි අද්භූත රසයෙන් යුත් කතා පළ කිරීමට හැකි සමූහයන් තුළින් ධවල සක්විති තිරාණගම මහතාගේ කෙටි කතා කියවා තිබු මට මෙම කෘතිය සැබැවින්ම ඔහු තුළ වූ දක්ෂතාවය පිළිබඳ ඇති විශ්වාසය තවත් ඉහළට ගෙන යන්නට අඩිතාලමක් විය.

පාඨකයන් බොහෝ සේ ප්‍රියකරන දෙයකි අද්භූත කතා කියවීම. අද්භූත කතා වලට ඇති ඉල්ලුම කිසිදා පහත අගයක් නොගැනීමට හේතුව මා සිතනා ආකාරයට මිනිසුන් පිළිබඳ අවතාර සහ හොල්මන් පිළිබඳ වූ කුතුහලය සහ අවට වටපිටින් ඉඳහිට ඇසෙන්නාවූ සමහර කටකතාවන් ය. මිනිසුන්ට සැමදා තමන් 100% තහවුරු කර නොගත් දෙය පිළිබඳ වූ කුතුහලය මනසෙහි රැඳී ඇති අතර එය පිළිබඳව කියවීමට, සොයාබැලීමට මනස අභ්‍යන්තරයෙන් වුවමනාවක් හට ගන්නා බව සැවොම දන්නා දෙයකි. එම වුවමනාව අද්භූත කතා කෙරෙහි එක එල්ලේම ඉලක්ක වී ඇති බව නොරහසකි. එවැන්නන්ට ධවල සක්විති තිරාණගම මහතා වැනි අද්භූත රසය පිළිබඳ සාර්ථක පොත් රචනා කරන්නන් අවශ්‍යම වනු ඇත.

අද්භූත රසයෙන් යුතු පොත් සොයමින් කියවන පාඨකයන්ට ධවල සක්විති තිරාණගම මහතා රචනා කළ, ග්‍රන්ථ.lk ප්‍රකාශන ආයතනයෙක් ප්‍රකාශයට පත් කළ “අඳුරු සක්මන” කෘතිය මැනවින් ගැළපෙන අතර මෙය සාර්ථක මෙන්ම රසවත් කෘතියකි. කතුවරයාගේ තවත් කෘති බලාපොරොත්තුවෙන් “අඳුරු සක්මන” කෘතිය පිළිබඳ වූ මෙම සටහන නිමා කරමින් ඔහුට ලේඛණ දිවියට සුබ පැතුම් එක් කරමි.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review