රක්තඝෝර

රක්තඝෝර

5
(5)

රක්තඝෝර යනු ඉසුරු හිදැල්ලාආරච්චි ගේ ප්‍රථම වරට මුද්‍රණයෙන් නිකුත් වූ නවකතාව වේ. අද්භූත , අභිරහස් ගණයට අයත් වන මෙය එම ගණයේ සිංහල ස්වතන්ත්‍ර නවකතාවල ඇති අඩුව පිරවීමට මැනවින් සමත් වී ඇති බව හැගේ.

ඉන්දියාවේ ශිව දෙවියන්ට වන්දනාමාන කරන “අඝෝරිවරුන්” නම් නිකායකයින් පාදක කර ගනිමින් මෙම අපූරු ප්‍රභන්ධය නිර්මාණය වී ඇත. ඉතා අසීරු වෘත සමාදන් වෙමින් අමුතු සිරිත් විරිත් පුහුණු කරනා පිරිසක් වන ඔවුන් ගේ ඇතැමුන් විවිධ මානසික දියුණුවක් ලැබූ අය බවටද සාධක ඇත.

” නව රැකියාවක් ලබා පිටිසරබද පෙදෙසකට යන චතුර හට නවාතැන් ගැනීමට සිදුවන්නේ උඩුරාවණ වලව්වේ ය. නිවසේ නවාතැන් ගෙන ටික කලකින්ම චතුරගේ සිත සලිත වන්නේ එහි හිමිකරු නිශ්ශංක උඩුරාවණ ගේ අද්භූත හැසිරීම් නිසාය. අමුතු ගතිපැවතුම් මෙන්ම, නිවස තුළින් හමුවන මිනී හිස්කබල්, මිනී අලු සමග බැදුණු රහස් මොනවාද…? මේ සමගින්ම ගමේ සිදුවන අභිරහස් අතුරුදහන්වීම් වල සම්බන්ධයක් තිබේද..? මේ සියල්ල පසුපස සැගවුනු රහස සොයා ගැනීමට චතුර හට හැකි වේද…?”

වෙනස්ම තේමාවක් ඔස්සේ ලියැවුණු අපූරු නිර්මාණාත්මක ප්‍රබන්ධයක් ලෙස රක්තඝෝර අවිවාදයෙන්ම නම් කළ හැක. කතා තේමාව ඔස්සේ කතාව ගොතා ඇති ආකාරය රසවත්‍ ය. අත්භූත , භයංකර රසය ජනනය කිරීමය කතුවරයා දක්වා ඇති සමත්කම ඉතාමත් සාර්ථකය .

රක්තඝෝර
ඉසුරු හිදැල්ලාආරච්චි
පිටු 211
මිල රු. 475
නවතම මුද්‍රණය – ග්‍රන්ථ පුද්ගලික සමාගම (මුල් ප්‍රකාශනය සන්දේශය)

මිලදී ගැනීම සඳහා පිවිසෙන්න – https://grantha.lk/rakthaghora-isuru-hidellaarachchi-grantha.html

ලීවේ,
✍️ හරිඳු උඩපිටිය

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review