My Mummy Is A Killer | Nikkia Roberson – දිවි බිළිගත් මා දිනිතිය | කවිමල් සූරියආරච්චි

My Mummy Is A Killer | Nikkia Roberson – දිවි බිළිගත් මා දිනිතිය | කවිමල් සූරියආරච්චි

0
(0)

ඔබේ මව සිටියදීම මවගේ අවධානය, රැකවරණය ඔබට අහිමි වූවොත් ඔබට කුමක් දැනේවිද?
ඔබ පමණක් නොව, ඔබගේ කුඩා සොහොයුරිය සහ සොහොයුරාටද මවගේ අවධානය, රැකවරණය නොමැතිව ඔබට කුඩා කළ සිටම ඔවුන් රැකබලා ගැනීමට සිදුවුව හොත් කුමක් වේවිද?
තමන් කුඩා කළ සිට රැකබලා ගත් කුඩා සොහොයුරිය සහ සොහොයුරා තමන්ට සදහටම අහිමි වූවොත් ඔබට කුමක් සිතේවිද?

නිකියාගේ සත්‍ය ජීවිත අත්දැකීමක්

මේ නිකියා රොබර්සන්ගේ සත්‍ය කතාවයි. කුඩා කළ සිටම මව, පියා සිටියදීත් දුක් විඳි ඇගේ සත්‍ය කතාවයි. මත් කුඩු වලට කළ හැකි විනාශයක තරම කියාපෑමේ කතාවයි. මෙම සත්‍ය කතාව කියවන පාඨක අප බොහෝසෙයින් සංවේදී වන, සිත ගැඹුරුම තැනකින් උපදින ඒ වේදනාවට පිළිතුරු නොමැතිව බොහෝ වේලාවක් කල්පනා කරන්නට පෙළඹවේ නම්, එය පුදුමයක් නොවේ.

නිකියාගේත්, ඇගේ කුඩා සොහොයුරිය සහ කුඩා සොහොයුරා වන මොමෝ සහ මිලී අතර ඇති බැඳීම අති මහත් ය. කිමද යත්, ඇය ඔවුන් දෙදෙනාටම තම මවගේ අඩුව පිරවූ නිසාය. ඔවුන් දෙදෙනා තමාට හැකි තරම් ආදරයෙන් කරුණාවෙන් රැකබලාගත් නිසාය. එක් පියෙකුට දාව ඉපදුණු දරුවන් නොවූවද, නිකියා ඇයගේ කුඩා සොහොයුරිය සහ සොහොයුරාට බෙහෙවින් ආදරය කළ අතර ඇගේ ජීවිතයෙන් විශාලතම ඉඩ ඔවුන්ට හිමි විය.

බේබදු මවක්

මත් රකුසාට බිලි වූ ඔවුන්ගේ මවගෙන් ඔවුන්ට විය යුතු ඉටුකම් කිසිවෙක් ඉටු නොවූ අතරම ඇයට දරුවන් ගැන සැලකිල්ලක් දක්වන්නටද වේලාවක් නොවීය. ඇය මිතුරන් සමඟින් විනෝද වන්නට මහත් කැමැත්තක් දැක්වීය. ඔවුන්ගේ පියවරුන්ද මව අතැර ගොස් ය. ඉදින්, ඔවුන්ගේ දුක, ආදරය, වියෝව සහ විනාශය කැටිවුණු සත්‍ය කතාව “දිවි බිලිගත් මා දිනිතිය” ලෙස මෙසේ සිංහලයට පරිවර්තනය වී ඇත.

ජීවිත රාශියක් විනාශයට නැතහොත් සදාකාලික වේදනාවට පත් කිරීමට අප සතුව එක් නරක පාපයක් වැනි පුරුද්දක් හොදටම ප්‍රමාණවත් බව මෙම කෘතියෙන් අනාවරණය වෙයි. කුඩා දරුවන් තිදෙනෙකුගේ ජීවිත උඩු යටිකුරු කළ ඒ නරක නැතහොත් පාපයක් වූ පුරුද්ද, නිකියාගේ මවගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුරුද්ද විය.

නිකියාගේ ජීවිතය වටා බැඳුණු බොහෝ සිදුවීම් දිග හැරෙමින්, ඇය දරාගත්, සිතේ සිරකරගත් බොහෝ සිතුවිලි දිග හරිමින් ඇය මේ පොත අපට තිළිණ කොට ඇත. සැබැවින්ම ඇයට එය වේදනාබර අත්දැකීමක් වන්නට ඇත. කුඩා කළ පටන් තමන් විඳි ඒ අමිහිරි සිදුවීම් සහ ඇයට අහිමි වූ ඒ ආදරණීයයන් යළි යළිත් මතකයට නගා ගනිමින් මේ පොත රචනා කිරීම ලේසි පහසු නොවන්නට ඇත. කිමදයත්, මේ ඇයගේ සැබෑ ජීවිත කතාව වන බැවිනි.

සංවේදී අවසානයක්

කෘතිය කියවන පාඨක ඔබ අනිවාර්යයෙන්ම නිරුත්තර වන එක් ස්ථානයක් ඇත. ඒ නිකියාට තමන් වඩා ආදරය කළ කුඩා සොහොයුරිය සහ සොහොයුරා සදහටම අහිමි කරන්නේ ඇය ආදරය කරන තවත් එක් ආදරණීයම චරිතයක් බැවිනි. පොත කියවූ මා සදහටම නිරුත්තර වූයේ ඇය වරදකරුට කෙලෙසක දඬුවමක් හෝ දෙන්නද කියා සිතන විටය. වරදකරුත්, වරදට වන්දි ගෙවූ අයත් දෙකොට්ඨාසයම ඇයගේම ආදරණීයයන්‍ ය.

මේ ඔබ, මම මෙන්ම කෘතිය කියවන පාඨක සැමටම කිසිදා අමතක නොවන කෘතියක් වනු ඇති බවට කිසිදු සැකයක් නොමැත. එතරම්ම සංවේදී සත්‍ය කතාවක් වන මෙය අප සැම කියවිය යුතුම කතාවක් බව පමණක් අවසානයේ පවසමි!

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කළ, කවිමල් සූරියආරච්චි මහතා විසින් පරිවර්තනය කළ මෙය හරවත්, සාර්ථක පරිවර්තනයකි.

දිවි බිළිගත් මා දිනිතිය – මිලදී ගැනීම සඳහා පිවිසෙන්න.

How useful was this post?

Click on a star to rate it!

As you found this post useful...

Follow us on social media!

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?

Review